27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'හරක් කටා' සහ 'කුඩු සළිඳු' අද ලංකාවට

‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ අද ලංකාවට

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වූ ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ අද (14) ගුවන් මගින් මෙරටට ගෙන ඒමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

හරක් කටා සහ කුඩු සළිඳු මේ වනවිටත් ශ්‍රී ලාංකික රහස් පොලිස් කණ්ඩායමේ ආරක්ෂාව යටතේ සිටින අතර දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ මොවුන් දෙදෙනා මෙරටට ගෙන ඒමේ කටයුතු සූදානම් කර තිබේ.

පසුගිය 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ විශේෂ කාර්ය බළකායෙන් සැදුම්ලත් විශේෂ පොලිස් කණ්ඩායමක් ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ මෙරටට රැගෙන ඒම සඳහා මැඩගස්කරය බලා පිටත්ව ගියේය.

රතු නිවේදන හරහා ලැබී තිබූ දැනුම්දීම් මත කුඩු සළිඳු සහ හරක් කටා ඇතුළු 8 දෙනෙකු පසුගිය 01 වැනිදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනිණි.