25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsIMF ණය තාවකාලික සහනයක් පමණයි - මහාචාර්ය ස්ටීව් හෑන්ක්

IMF ණය තාවකාලික සහනයක් පමණයි – මහාචාර්ය ස්ටීව් හෑන්ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම යනු ලංකාවට තාවකාලික සහනයක් මිස ස්ථිර සහනයක් නොවන බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසා තිබේ.

මහාචාර්යවරයා මේ බව සඳහන් කර ඇත්තේ පෙරේදා (12) සී.එන්.බී.සී. පුවත් සේවයට අදහස් දක්වමිනි.

එහිදී මහාචාර්යවරයා වැදිදුරටත් අවධාරණය කර ඇත්තේ ලංකාව 1965 වර්ෂයේ සිට අවස්ථා 16කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන තිබුණද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අසාර්ථක වූ බවත් රටක් ලෙස ඒවා ක්‍රියාත්මක කරගැනීමට ඔවුන් අපොහොසත් වූ බවත්ය.

ආර්ථිකය සම්බන්ධයෙන් අදාළ වෙනස්කම් සිදු නොකළහොත් රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය කිසිදු වෙනසක් නොවී ඉදිරියටත් පවතිනු ඇති බවයො ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ.