27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsIMF ණය මුදලේ පළමු වාරිකය 22 වැනිදා හිමිවන ලකුණු

IMF ණය මුදලේ පළමු වාරිකය 22 වැනිදා හිමිවන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුල්‍ය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු වාරිකය මාර්තු 22 වැනිදා පමණ වනවිට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 330ක පමණ මුදලක් පළමු වාරිකය ලෙස හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 2.9ක ණය පහසුකම ලබාගැනීමට අදාළ අනුමැතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාර්තු විස්ස ලබාදීමෙන් අනතුරුව ණය පහසුකම ශ්‍රී ලංකාවට හිමිවනු ඇති.