10.6 C
London
Wednesday, March 22, 2023

අපූරු ආකාරයකට සැමියා බෙදාගත් ඉන්දියාවේ බිරින්දෑවරු දෙදෙනා

එක් සැමියෙකු සමග විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකු සිය පවුල් ජීවිත ගැටලුකාරී තත්ත්වයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අපූරු එකගතාවකට පැමිණි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

28 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ වී ඇති තරුණියන් දෙදෙනාටම දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ. බිරින්දෑවරුන් දෙදෙනා ඇති කරගත් එකගතාවට අනුව සතියේ මුල් දින තුන එක් භාර්යාවක් සමගත් ඊළග දින තුන අනෙක් බිරිඳ සමගත් ගත කිරීමට තීරණයට එළඹ ඇති අතර ඉරිදා දිනය මෙම සැමියාට තනිව සිටීමටයි අවස්ථාව හිමිවී ඇත්තේ. මෙම පවුලේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය සමනයකට පත් කිරීම සඳහා අධිකරණයට යොමු වී ඇති අතර එහිදී පත් කරනු ලැබූ උපදේශකවරයෙකු යටතේ ඔවුන් මෙම එකගතාවට එළඹ ඇතැයි සඳහන්.

මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන සැමියාගේ මාසික වැටුප වන ඉන්දීය රුපියල් එක්ලක්ෂ පනස් දහස ද බිරින්දෑවරුන් දෙදෙනා අතර සමසේ බෙදි යනු ඇති. ඔහුගේ මහල් නිවාස දෙක ද බිරින්දෑවරුන් දෙදෙනාට ලබාදීමටයි තීරණය වී ඇත්තේ. ඔහු දෙදෙනා සමඟ ජීවත් වීමට බැඳී නොමැති අතර ඕනෑම තැනක ජීවත් වීමට නිදහස පවතිනවා.

මෙම ගිවිසුම කඩ කළහොත් පළමු බිරිඳට එම පුද්ගලයාට එරෙහිව අධිකරණයට යා හැකි බවටයි ගිවිසුමේ සඳහන් වන්නේ. මෙම බිරින්දෑවරුන් දෙදෙනා සහ සැමියා මෙලෙස ඇති කර ගත් ගිවිසුම වැනි ගිවිසුම් නිසා ඒ සඳහා දඬුවම් ලැබීම වළක්වනු ලැබුවද, ඉන්දියාවේ භාර්යාවන් දෙදෙනෙකු තබා ගැනීම අපරාධයක් ලෙසටයි සැලකෙන්නේ.

ආරවුල සුහදව විසඳා ගැනීම සඳහා ජනවාරි මාසයේදී අධිකරණය විසින් පත් කරන ලද උපදේශක නීතිඥ හරීෂ් දේවන් පැවසුවේ එම පුද්ගලයා 2018 වසරේ මැයි මාසයේදී 26 හැවිරිදි කාන්තාවක් සමඟ විවාහ වූ බවයි. ඔවුන් දෙදෙනාම ගුර්ගෝන් හි සමාගමක සේවය කළ මෘදුකාංග ඉංජිනේරුවන් බව සඳහන්. 2020 වසරේ දී, කාන්තාව ගැබ්ගත් අතර, කොවිඩ් වසංගතය පැතිරීමත් සමඟ, ඔහු ඇයව ග්වාලියර් හි ඇගේ දෙමාපියන්ගේ නිවසට පිටත් කර යවා තිබෙනවා.

COVID 19 හේතුවෙන්, ගමනාගමනය සීමා කර තිබීම හේතුවෙන් සැමියා බිරිඳට උපදෙස් දී ඇත්තේ ඇගේ පවුලේ අය සමඟ රැඳී සිටින ලෙසටයි. ඔහු නැවත Gurgaon වෙත ගොස්, නැවත 2021 වසරේ දී, එම ආයතනයේම සේවය කළ වෙනත් කාන්තාවක් සමඟ විවාහ වූයේ ඔහු සමග තිබූ සබඳතාවයකින් ඇය ගැබ් ගැනීමෙන් පසුවයි.

දෙවන බිරිඳ 2021 ජූලි මාසයේදී ගැහැණු ළමයෙකු බිහි කළ අතර මේ කාලය පුරාම ඔහුගේ පළමු බිරිඳට නැවත පැමිණීමට අවශ්‍ය වූව ද ඔහු ඇයව මග හැරීමට පටන් ගෙන තිබූ බව සඳහන්. මෙම වසරේ ජනවාරි මාසයේදී, පළමු බිරිඳගේ පවුල ඔහුට හමුවීමට නොයිඩා වෙත ගිය අතර ඔහු දරුවෙකු සිටින වෙනත් බිරිඳක් සමඟ ජීවත් වන බවයි එහිදී සොයා ගෙන ඇත්තේ.

ඇතිවූ ආරවුලකින් පසු ඔවුන් නොයිඩා හි ප්‍රාදේශීය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා. පළමු බිරිඳ ග්වාලියර්හි පවුල් අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කරට ඇති අතර අඟහරුවාදා නඩුව විභාග කිරීමට පෙර සම්මුතියකට පැමිණීමට උත්සාහ කරන ලෙසටයි අධිකරණය දැනුම් දී ඇත්තේ.

උපදේශක දේවාන් පැවසුවේ උපදේශකයෙකු වශයෙන් තමාගේ පළමු උත්සාහය වන්නේ ගැටලුව විසඳීම බවයි. පළමු බිරිඳට තම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් සැමියා අවශ්‍ය වූ අතර, සැමියා සිරගත කිරීමට අවශ්‍යතාවක් තිබී නැහැ. දෙවන භාර්යාව පළමු බිරිඳ සමඟ ගැටලුවකින් තොරව ජීවත් වීමට සූදානම්ව සිටිය ද සැමියා පළමු බිරිඳ සමඟ ජීවත් වීමට කැමති වී නැහැ.

ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 494 වගන්තිය යටතේ භාර්යාවන් දෙදෙනෙකු තබා ගැනීම නීති විරෝධී බව උපදේශකවරයා සැමියාට පැහැදිලි කිරීමෙන් අනතුරුවයි ඔහු භාර්යාවන් දෙදෙනා අතර සියල්ල බෙදා දීමට එකඟ වී ඇත්තේ. හින්දු විවාහ පනතට අනුව එය නීත්‍යානුකූල නොවන නමුත්, තිදෙනාට අන්‍යෝන්‍ය අවබෝධයෙන් ගිවිසුමේ කොන්දේසි අනුව ජීවත් විය හැකියි. ගිවිසුම කඩ කළ හොත් පළමු බිරිඳට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතිනවා.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ සිද්ධියක් සමිබන්ධයෙන් එරට රජය විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා. එලෙස පුපුරණ ද්‍රව්‍ය අටවා යැවූ පෙන් ඩ්‍රයිව්...

“අම්රිට්පල් සිං” ආරක්ෂක අංශ වෙත භාරවෙන තෙක් පන්ජාබය තුළ අන්තර්ජාල තහනමක්

සීක් ආගමිකයින් සඳහා වෙනම රාජ්‍යක් ස්ථාපිත කරන බවට නිවේදන නිකුත් කරමින් සීක් ජනයා පෙළගැස්වූ අම්රිට්පල් සිං ආරක්ෂක අංශ වෙත භාරවෙන තෙක් පන්ජාබ් ප්‍රාන්තය තුල...

ඇමසන් තවත් සේවකයන් 9000ක් දොට්ට දැමීමේ සූදානමක්

සිල්ලර වෙළෙඳාමේ පතාක යෝධයෙකු වන ඇමසන් සමාගම පසුගිය ජනවාරියේදී කම්කරුවන් 18,000ක් සේවයෙන් ඉවත් කරනු ලැබීය. එමෙන්ම ලබන සතියේ සේවකයින් 9,000 කට වැඩි පිරිසක් දොට්ට දමන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here