― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsහරක් කටා සහ කුඩු සලිඳු රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ

හරක් කටා සහ කුඩු සලිඳු රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙරටට රැගෙන එනු ලැබූ හරක් කටා සහ කුඩු සලිඳු නම් සැකකරුවන් දෙදෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා.

වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වික්‍රමරත්න නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි සෙල්ලක්පෙරුමගේ සලිඳු මල්ශික ගුණරත්න නොහොත් කුඩු සලිඳූ මෙලෙස මැඩගස්කර් රාජ්‍යයේ සිට අද මෙරටට රැගෙන එනු ලැබුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ සංවිධානාත්මක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මතයි ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබුණේ.

ඒ අනුව ඔවුන් මැඩගස්කර් රාජ්‍යයේ දී අත්අඩංගුවට පත්ව තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් එම රාජ්‍ය වෙත ගොස් සැකකරුවන් දෙදෙනා ගුවන් මගින් අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවා.

මේවන විට ඔවුන් පසුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේයි.