25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅකුරට වැඩ කිරීම සාර්ථකයි - ගුවන් ගමන් පාලකවරු

අකුරට වැඩ කිරීම සාර්ථකයි – ගුවන් ගමන් පාලකවරු

ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය අද දහවල් 12 සිට පස්වරු 02 දක්වා ක්‍රියාත්මක කළ ” අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක බව එම සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පවසනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 05ක් ප්‍රමද වී ගුවන් ගත වූ අතර, තවත් ගුවන් යානා කීපයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමේ දී ප්‍රමාද වීම්වලට ලක් වූ බවයි තිසර අමරනන්ද මහතා සඳහන් කළේ.

එසේම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා මෙන්ම ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා ද කෙටි ගුවන් ගමන් මාර්ග වෙනුවට නියමිත ගුවන් ගමන් මාර්ග ඔස්සේ පමණක් ධාවනය කරවූ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලන්කන්, ඉන්ඩිගෝ සහ ෆ්ලයි ඩුබායි ඇතුළු අනෙකුත් ගුවන් සේවා වෙත අතිරේක ඉන්ධන පිරිවැයක් දැරීමට ද සිදු වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

එහෙත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානාවලට මෙන්ම හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා, ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා කිසිදු බාධාවකින් තොරව ගුවන් ගමන්වල නිරත වූ බව ද තිසර අමරනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළා.