― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅතහැර දැමූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමේ සූදානමක්

අතහැර දැමූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමේ සූදානමක්

රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ – මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සේවය කරන බැවින් ඔවුන්ට සැහැල්ලු දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ.

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යෝජනා ලබාගැනීමට පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කරනු ලැබූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

ඉඩම් පවරා ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණු අතර මේ සඳහා මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා (JICA) ආයතනයයි.

ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබුණා. නමුත් ඉකුත් සමයේදී මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කෙරුණු අතර එලෙස ඉදිකිරීම් අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජපාන රජය එකඟ වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ජපාන නිල සංචාරයේ දී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙසයි.

මෙම දුම්රිය සේවාව හරහා මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති. කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යෝජනා ලබාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.