26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගැටුමක් පාලනය කිරීමට ගිය කාන්තාවකට දිවි අහිමි වෙයි

ගැටුමක් පාලනය කිරීමට ගිය කාන්තාවකට දිවි අහිමි වෙයි

පොල්පිතිගම නිකදළුපත ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක්.

කැත්තකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාව මෙලෙස මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

යතුරුපැදියක ගමන් කර සිටි පුද්ගලයකුට සහ ඔහුගේ දියණියට ඉඩම් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහරදී ඇති අතර එම ගැටුම පාලනය කිරීම සඳහා මියගොස් ඇති කාන්තාව එම ස්ථානයට පැමිණ තිබේ.

එහිදී සැකකරු විසින් එම කාන්තාවට ද කැත්තෙන් පහරදී ඇති අතර බරපතළ තුවාල ලැබූ තිදෙනාම රෝහල්ගතකර ඇත.

පසුව එම කාන්තාව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ පියා සහ දියණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොල්පිතිගම පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබේ.