― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalඩලස්ගේ කීමට යෝෂිතගේ පාර්ලිමේන්තු ගමන ගෝඨා නැවැත්තුවා - විමල් වීරවංශ

ඩලස්ගේ කීමට යෝෂිතගේ පාර්ලිමේන්තු ගමන ගෝඨා නැවැත්තුවා – විමල් වීරවංශ

2020 මහ මැතිවරණයට යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කිරීමේ සූදානමක් තිබූ බවත් කෙසේනමුත් ඩලස් අලහප්පෙරුම ගෝඨාභය රාජපක්ෂගෙන් කළ ඉල්ලීමක් අනුව එය සිදු නොවුන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ නිදහස් ජනතා සන්ධානයේ රැස්වීමක් අමතමිනි.

බදුල්ලේ ඩිලාන්ලා නූලෙන් බේරුනේ. යෝෂිතවත් දාන්න හැදුවා බදුල්ලෙන් ඡන්දෙට. ඒ දවස්වල මහියංගනයේ තේනුක මන්ත්‍රීතුමාගේ මූණ අවුල්වෙලාම තිබුණා. බේබිව දාන්න හැදුවාම යන්තම් ඩලස් මැතිතුමා, දැන් ඕක කිව්වට නෑනේ ගෝඨාභය මැතිතුමාට පිණ්සෙන්ඩු වෙලා මේ වැඩේ නම් කරන්න එපා රෙද්දක් ඇදගෙන පාරේ යන්න වෙන්නේ නෑ කියලා කිව්වා. කොහොම හරි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජිල් මාට් එකක් දාලා මේක නැවැත්තුවා.

එහෙම හිතෙන්නේ කොහොමද? මට තේරෙන්නේ නැත්තේ ඒක. යකෝ දරුවෝ හැටක් විතර හිටියනම්. අම්මට සිරි ගජ වෙනවා. මේ රට තමන්ගේ දේපලක්ද? නින්දගමක්ද? එහෙම යන්න බෑ. ඒ බව අපිට පුළුවන් හැම විදිහටම දැනුවත් කළා. ශෂීන්ද්‍ර රාජපක්ෂ හිතාගෙන ඉන්නේ මොනරාගල තමන්ගේ සනුහරේ නින්ද ගමක්, එහි ඉන්නේ තමන්ගේ දාස වැසියෝ කියලා. එවැනි මාන්නයකින් තමයි ඔවුන් දේශපාලනය කළේ. එහෙම හිතපු නිසයි හොම්බෙන් යන්න වුණේ. සිදු වෙන්න යන අර්බුදයේ තරම තේරුම් ගැනීමට තරම් ඥානයක් නොතිබුණේ. 2015දී පැරදුණේ පවුල්වාදය නිසා හින්දා අපි හිතුවා, ‘2019දී බලයට ආවාම, නැති කරගන්න බැරි වුණත් ඒ පවුල් පාලන ලක්ෂණ අඩු කරගත හැකි වෙයි’ කියලා. නමුත් 2015ට කලින් කැබිනට් මණ්ඩලයේ හිටියේ සාටක 4යි. 2019 ඒක පහක් වුණා. සාටක පහයි කියන්නේ නාටක පහයි. ඒ පස්දෙනාගෙන් තමයි තීන්දුව එන්නේ. කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ගේ මත දැක්වීම්වලට ඇහුම්කන් කන්දීම හා දක්වන සැලකිල්ල ඉතාම අඩුයි.

මට මතකයි, තමන්ගේ දෙමව්පියන් ද ගුරුවරුන් වූ නිසා ඩලස් අලහප්පෙරුම මැතිතුමා 2019දී අධ්‍යාපන ඇමති ධුරය ඉතා කැමැත්තෙන් බාර ගත්තා. ඒ 2020 මහ මැතිවරණය තෙක් පමණයි. 2020 මහ මැතිවරණයට මාතරට ඒ රාජපක්ෂලාගේ වරිග සභාවෙන් නිපුණ රණවක කියලා හාදයෙක් දැම්මා. බලන්න, මොනරාගලට ඉන්නවා ශෂීන්ද්‍ර රාජපක්ෂ ඒ වරිග සභාවෙන්. බදුල්ලටත් ඒ වරිග සභාවෙන් යෝෂිත රාජපක්ෂ කොලු ගැටයා දාන්න හැදුවා, බොහොම අමාරුවෙන් නවත්තා ගත්තා. අන්තිමට පඳුරකට ගැහුවත් ඒ වරිගේ එකෙක් තමයි එළියට එන්නේ. මෙන්න මේ මල පෙරේතකම තමයි මේ රට මේ තත්වයට ඇදවැට්ටවීමට එක හේතුවක් වුණේ. මහජනයාගේ හඬට ඇහුම්කන් දෙනවාට වඩා වරිගයේ හඬට තමයි ඇහුම්කන් දුන්නේ.