26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම සේවිකාව මියගිය බව අසා රන් අලෙවිසලේ හිමිකරුත් ජීවිතය හැරයයි

තම සේවිකාව මියගිය බව අසා රන් අලෙවිසලේ හිමිකරුත් ජීවිතය හැරයයි

යාපනයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි මධ්‍යස්ථානයක හිමිකරු සහ එහි සේවය කළ සේවිකාවක් ඊයේ (14) දින ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී මළසිරුරු හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.

මිය ගොස් සිටි ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුගේ සහ සේවිකාවගේ සිරුරු ඔවුන්ට අයත් නිවෙස්වල තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

පළමුව ඊයේ (14) උදෑසන ස්වර්ණාභරණ අලෙවිසැලේ සේවිකාව ඇයගේ නිවසේදී ගෙලවැලලාගෙන මියගොස් ඇති අතර අදාල සේවිකාව සේවයට නොපැමිණීම හේතුවෙන් හිමිකරු සොයා බැලීමේදී අදාල සේවිකාව ගෙලවැලලාගෙන ඇති බවට දැන ගැනීමෙන් පසු ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුද ඊයේ දහවල් ඔහුගේ නිවසේදී ගෙල වැලලාගෙන සිටියදී මළසිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත.

මියගිය රන්භාණ්ඩ ව්‍යාපාරිකයා 50 හැවිරිදි යාපනය නාවලර් ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු වන අතර ඔහුගේ බිරිඳ හා දරුවන් කොළඹ ප්‍රදේශයේ ජීවත් වන බවටද වාර්ථාවන අතර මිය ගිය තරුණිය 21 හැවිරිදි යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනත්තියක් බවටද වාර්තා වෙයි.

අදාල සියදිවි හානි කර ගැනීම් වලට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය වෙතට යොමු කොට ඇති බවටත් අදාල මරණයන් දෙක අතර යම් සම්බන්ධයක් ඇත්දැයි යන්න පිලිබඳව පුලුල් පරීක්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.