29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞරාණික බුදු පිළිමයක් සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

පෞරාණික බුදු පිළිමයක් සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

මහනුවර යුගයට අයත් යැයි සැලකෙන පෞරාණික බුදු පිළිමයක් සමග සැකකරුවන් තිදෙනකු දිවුලපිටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) රාත්‍රී දිවුලපිටිය නගරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් සතුව තිබූ ගමන් මල්ලක බුදු පිළිමය සඟවා තිබූ බවයි දිවුලපිටිය පොලිසිය පැවසුවේ.

හොරණ ප්‍රදේශයේ නිවසකින් මෙම බුදු පිළිමය සොරාගෙන ඇති බවත් අනාවරණය වුණා. සැකකරුවන් සතුව වරායට ඇතුළුවීම සඳහා අවශ්‍ය අවසර පත්‍ර තුනක් තිබූ බවත් පොලිසිය පැවසුවා.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.