29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබිත්තර පවුඩර් සහ දියර ආනයනයට අවසර

බිත්තර පවුඩර් සහ දියර ආනයනයට අවසර

මෙම සතියේදී අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන බවත් බිත්තර පවුඩර් සහ දියර බිත්තර ආනයනයට පැවති බද්ද අඩු කරන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බිත්තර ආනයනය කරන්න අද අපේ රටට අවශ්‍ය සහතික ටික ගන්න ඉන්දියාවෙම තියෙන්නේ ආයතන තුනයි. අපේ රටේ නිලධාරීන් විශාල ප්‍රමාණයේ අනුමැතියන් ඉල්ලනවා. ඒ නිසා තමයි ප්‍රමාදයක් සිදුවුණේ. නමුත් මේ සතියේ අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය සිදුකරන්න වෙනවා. මේ සතියේ කොළඹ වරායට බිත්තර එයි. ලෝකයේ තාක්ෂණයෙන් ඉහළ රටවල් කර්මාන්ත සඳහා භාවිත කරන්නේ බිත්තර පවුඩර් එක. එහෙම නැත්නම් දියරය. ඒ නිසා අද සිට අපි ඒකට තිබ්බ බද්ද අඩු කරලා. ඒ සඳහාත් ආනයනය කිරීමට අවසර ලබාදෙනවා. එතකොට කර්මාන්තකරුවන්ට පුළුවන් මේ නිෂ්පාදන ආනයනය කරලා තමන්ගේ කර්මාන්තයට භාවිත කරන්න. බේකරි, බිස්කට්, කේක් ආදී ඕන අයට පුළුවන් ගෙන්න ගන්න.