27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටින් වසරකට ක්ෂය රෝගී්න් 10,000ක්

මෙරටින් වසරකට ක්ෂය රෝගී්න් 10,000ක්

වසරකට ක්ෂය රෝගී්න් 10,000 ක් පමණ මෙරටින් වාර්තා වන බවත් නිසි අවස්ථාවේ ප්‍රතිකාර නොගැනීමෙන් මරණය පවා සිදු විය හැකි බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා පවසයි. ඒ් මහතා මේ බව සඳහන් කළේ ඊයේ ( 14) ‌ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ක්ෂය රෝගය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක් වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ් මහතා සදහන් කළේ ක්ෂය රෝගය වාතය මගින් බෝවන රෝගයක් වන බැවින් ප්‍රතිකාර නොගෙන සමාජයේ සිටින පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය ඇති රෝගීන් මගින් මෙම රෝගය නිරෝගී පුද්ගලයන්ට බෝවීමේ ඉඩකඩ පවතින බවයි. එවැනි රෝගීන් කහින විට කිවිසුම්හරින විට මෙන්ම සිනාසෙන හා කතාකතා කරන විට ද විෂ බීජ සහිත සෙම බිඳිති වාතයට‍ එකතු වෙයි. මෙම විෂ බීජ ආශ්වාස කිරීමෙන් රෝගය ආසාදනය වෙයි.

සති දෙකකට වඩා පවතින කැස්ස, රාත්‍රි කාලයේ ඇතිවන මද උණ, ශරීරයේ බර අඩු වීම, රාත්‍රි කාලයේ අධික ලෙස දහදිය දැමීම, කෑම අරුචිය හා සෙම සමඟ රුධිරය පිටවීම ක්ෂය රෝගයේ ප්‍රධානම ලක්ෂණයි. මෙම රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් ඇත්නම් හැකි ඉක්මණින් ළඟ ම පිහිටි ළය රෝග සායනයට හෝ සෙම් පටල පරීක්ෂණාගාරයට පැමිණ නොමිලේ සෙම් පටල පරීක්ෂාවන් සිදු කර ගන්නා ලෙස ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.