― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට නිපදවූ යතුරුපැදියක් ජනපතිට පිළිගන්වයි

මෙරට නිපදවූ යතුරුපැදියක් ජනපතිට පිළිගන්වයි

මෙරට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කල සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ නවතම මෝටර් සයිකල් කිහිපයක් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම අද (15) පෙරවරුවේ සිදු කෙරුණා.

සෙනාරෝ මෝටර් කම්පැනි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන වඩුගේ මහතා විසිනුයි ඊට අදාළ යතුරු සහ ලිපි ලේඛන මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබුවේ.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ට අනුව මෙම නිෂ්පාදන කටයුතු සිදු කර තිබෙනවා.

ලංකා බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සෙනාරෝ මෝටර් කම්පැනි පුද්ගලික සමාගම රුපියල් බිලියන 1.5ක ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තුළින් මූලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් මෙම SENARO GN 125 මෝටර් සයිකලය නිෂ්පාදනය කරනවා.

එම අගය එකතුකිරීම ඉතා ඉක්මණින් 50% දක්වා ඉහළ නංවා ගැනීම සමාගමේ අපේක්ෂාව වන අතර මෙම ව්‍යාපෘතිය හරහා සෘජු රැකියා 160 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වීමද සිදු වනවා.