― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsලොවම පුදුම කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් පෙරළිකාර සොයාගැනීමක්

ලොවම පුදුම කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් පෙරළිකාර සොයාගැනීමක්

භෞතික ලෝකයේ නව පෙරළියක් ඇති කළ හැකි සුපිරි සන්නායකයක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ තිබේ. අමෙරිකාවේ ”නිව් සයන්ටිස්ට්” විද්‍යා සඟරාව මගින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි මෙම සුපිරි සන්නායක පදාර්ථය සොයාගෙන ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රෝචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමයි. 

 වසර 10කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන රංග ඩයස් මහතා ඇතුළු කණ්ඩායමක් සුපිරි සන්නායක ගුණයක් ඇති පදාර්ථයක් සොයාගැනීමට සමත්ව තිබේ. මෙම සුපිරි සන්නායක ද්‍රව්‍යය නිර්මානය කර ඇත්තේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ලුටේෂියම් යන මූලද්‍රව්‍ය මුසු කිරීමෙනි. එය නයිට්‍රජන් මුසුකළ ‘‘ලුටිෂියම් හයිඩ්රයිඩ්‘‘ යන පදාර්ථය ලෙසද හැඳින්විය හැකිය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලිය එක් තැනක සිට තවත් තැනකට ශක්තියක් වැය නොකර ගෙන යාමට ඇති හැකියාව සහ චුම්භක ක්ෂේත්‍රය හරහා යැවීමේදී එය පාවෙමින් ඝර්ෂණයකට ලක්නොවී ගමන් කිරීමෙන් ශක්තියක් වැය නොවීමය. විදුලි හානියකින් තොර අධිබල විදුලි සම්ප්‍රේෂණය, ඝර්ෂණණයකින් තොරව, පොළවට මදක් ඉහළින් ගමන්කරන අධිවේගී දුම්රිය, අඩු වියදම් එම්.ආර්.අයි ස්කෑන් තාක්ෂණය ආදිය සඳහා මෙය යොදාගත හැකිය.

මෙම පදාර්ථය සොයාගැනිමට පරීක්ෂණ මෙහෙයුම් සිදුකළ මහාචාර්ය රංග ඩයස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය වොෂින්ටන් සරසවියෙන් ලබාගෙන තිබේ. ඒ මහතා පශ්චාත් ආචාර්ය උපාධි ශිෂ්‍යත්වයක් ලැබ හාවඩ් සරසවියේ පර්යේෂණවල නිරතවීමෙන් අනතුරුව රොචෙස්ටර් සරසවියේ ආචාර්යවරයකු ලෙස මේ වන විට කටයුතු කරයි.