― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවායු ගුණාත්මකභාවයෙන් නරකම රටවල් ලැයිස්තුව එළියට

වායු ගුණාත්මකභාවයෙන් නරකම රටවල් ලැයිස්තුව එළියට

2022 වසරේදී ලොව වායු දූෂණය භයානක ලෙස ඉහළ ගිය බව ලොව පුරා වායු තත්ත්වය ගැන සොයාබලන “IQAir” නම් සමාගම නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.

එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ 2022 වසරේදී වායුවේ ගුණාත්මකභාවය සෞඛ්‍යාරක්ෂිත බවට වාර්තා වී තිබුණේ රටවල් සහ කලාප 13ක පමණක් බවයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව, එස්ටෝනියාව, ෆින්ලන්තය, ග්‍රෙනඩාව, අයිස්ලන්තය, සහ නවසීලන්තය පසුගිය වසරේ හොඳම වායු තත්ත්වය සහිත රටවල් ලැයිස්තුව ලෙස ඔවුන් දක්වා ඇත.

ඉරාකය, පාකිස්තානය, බහරේන්, බංග්ලාදේශය, බුර්කිනා ෆේසෝ, කුවේට්, ඉන්දියාව සහ ඊජිප්තුව සහ තජිකිස්තානය යන රටවල් 2022 වසරේදී ලොව වායු දූෂණය වැඩිම රටවල් ලෙසයි ඔවුන් දක්වා ඇත්තේ.