― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsශ්‍රී ලංකාවට ණය ගෙවන්න තවත් රටවල් 04ක් කල්දෙයි

ශ්‍රී ලංකාවට ණය ගෙවන්න තවත් රටවල් 04ක් කල්දෙයි

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිවුහගත කිරීම සඳහා තවත් රටවල් 04ක් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

අමාත්‍යවරයාගේ මෙම සටහනේ දැක්වෙන්නේ සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික ලබා ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකාව ගෙවමින් සිටින දුෂ්කර කාලයේදී මෙරටට සහාය වීම පිළිබඳව සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ස්තුතිවන්ත වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.