25 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසහරාන්ගේ බිරිඳට ඇප

සහරාන්ගේ බිරිඳට ඇප

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාඩියා කල්මුණේ මහාධිකරණය විසින් කොන්දේසි සහිත ඇප මත නිදහස් කර තිබෙනවා.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වසර හතරක කාලයක් ඇය රිමාන්ඩ් භාරයේ පසු වුණා.

2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් අනතුරුවයි හාඩියා අත්අඩංගුවට ගනු ලැබුවේ.

අප්‍රේල් මස 25 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සැඟව සිටි සහරාන් හෂීම් ගේ දෙමව්පියන්, සහෝදරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ආරක්ෂක අංශ සමග ඇතිවූ ගැටුමකින් පසුව තුවාල ලබා සිටියදී ෆාතිමා හාදියා සහ ඇයගේ දියණිය ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කෙරුණා.

පසුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.