27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට උදේ 8ට වැඩ වර්ජනය අවසන්

හෙට උදේ 8ට වැඩ වර්ජනය අවසන්

තම ඉල්ලීම් සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කිරීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8 ට අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් සේවාවන් රැසක් අඩපණ වුණා. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් ගුරුවරු පාසල්වලට වාර්තා නොකිරීමෙන් පාසල් පද්ධතිය ද අඩපණ වී තිබූ බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරු, හෙද, පරිපූරක කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් වර්ජනයට සහභාගි වීම නිසා රෝහල් පද්ධතියේ ප්‍රතිකාර සේවා ඇතුළු කටයුතු ද අඩාල වුණා.