24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමයි තිදෙනෙකුට දිවි අහිමි කරමින් පන්ති කාමරයකට කඩා වැදුණු ලොරිය

ළමයි තිදෙනෙකුට දිවි අහිමි කරමින් පන්ති කාමරයකට කඩා වැදුණු ලොරිය

උගන්ඩාවේ කම්පාලා අගනුවර පාසැලක පන්ති කාමරයකට ලොරියක් කඩා වැදීමෙන් සිසුන් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම,එහි ඉගෙනුම ලබන සිසුන් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

උගන්ඩා පොලිසිය පවසන්නේ ලොරි රථයේ රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීම මෙයට හේතුව බවයි.

පාසැලේ පරිගණක විද්‍යාගාරයට ලොරි රථය කඩා වැදී ඇති අතර 26 හැවිරිදි පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සතියක කාලයකට පාසැල වසා දමා සිසුන් නිවෙස්වලට යවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.