― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsPoliticalකෝටි 02ක ජනතාවක් බිත්තියට හේත්තු කරන්න ආණ්ඩුව සූදානම් නැහැ

කෝටි 02ක ජනතාවක් බිත්තියට හේත්තු කරන්න ආණ්ඩුව සූදානම් නැහැ

ලක්ෂ 20ක පිරිසකට විශේෂ වරප්‍රසාද ලබාදීම සඳහා කෝටි දෙකක ජනතාවක් බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුව සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයකි.

ලක්ෂෙට කොඩිය දැමූ වෘත්තීය සමිති දැන් මස් රාත්තලම ඉල්ලන්නේ ලංකාවේ දෙකෝටියක් වන පීඩිත ජනතාවගෙන් බවත් වැඩ වර්ජනය සාර්ථක යැයි කවුරුන් හෝ කියනවා නම් ඔවුන් ආරථිකය විනාශ කරන පුද්ගලයින් බවත් ඔහු එහිදී සඳහන් කළේය.