28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොමිලේ ඇසේ සුද ඉවත් කිරීමට යාපනය රෝහලෙන් අවස්ථාවක්

නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමට යාපනය රෝහලෙන් අවස්ථාවක්

යාපනය දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාවට දැන් නොමිලේම ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කර ගැනීමේ හැකියාව පවතී.

පරිත්‍යාගශීලීන්ගේ සහාය ඇතිවයි මෙලෙස නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදුකරනු ලබන්නේ.

මේ සඳහා රෝගීන් තෝරා ගැනීමේ තුන්වන අක්ෂි පරීක්ෂණ කඳවුරු හෙට (17) පෙරවරු 9.00 ට අනලතිව් දිස්ත්‍රික් රෝහල, අම්ඹන් ප්‍රාදේශීය රෝහලේ සහ මරුතංගේනි ප්‍රාදේශීය රෝහලේ දී පැවැත්වේ.

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් අවශ්‍ය රෝගීන් මෙම අක්ෂි පරීක්‍ෂණ කඳවුරුවලට සහභාගි වී ඔවුන්ගේ නම් ලියාපදිංචි කරන්නැයි යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍යවරයා පවසයි.