29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalතාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කරන්න බැහැ

තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කරන්න බැහැ

ආර්ථිකය ශක්තිමත් නොකර තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකි බව නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වූ බව පෙනුණත් දැන් යළිත් එහි අගය පහළ යමින් ඇතැයි කී මන්ත්‍රීවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරනවිට රුපියලේ අගය වර්තමානයේ තරමටවත් පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පවැත්වීමට නොහැකි නම් පාර්ලිමේන්තු මැතිවරණය හෝ පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි කී නාලක ගොඩහේවා මහතා ජනාධිපතිවරයාට මෙම මාසයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන බවද කීවේය.

ජනතාවට තමන්ගේ මහජන නියෝජිතයන් තෝරාගැනීමට අවස්ථාව දිය යුතු බවත්, ජනාධිපතිවරයාට 2025 පමණ වන තුරු එම ධුරයේ කටයුතු කළ හැකි නිසා අවශ්‍ය නම් නව පාර්ලිමේන්තුවකින් සර්වපාක්‍ෂික ආණ්ඩුවකටද ආරාධනා කළ හැකි බව මන්ත්‍රීවරයා කියා සිටියේය.