― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදුර්ලභ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ වේටර්වරයෙක් අත්අඩංගුවට

දුර්ලභ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ වේටර්වරයෙක් අත්අඩංගුවට

පෙරේදා (14) රාත්‍රීයේ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මෙන්ඩි නැමැති දුර්ලභ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ වේටර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවකදීයි.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ එම් ඩි එම් ඒ නැමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙන්ඩි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගනු ලැබුවා.

මෙම මෙන්ඩි මත්ද්‍රව්‍ය ඩාන්සින් පෙති නිෂ්පාදනයට යොදාගන්නා විශේෂිත මත්ද්‍රව්‍යයක් වන අතර මෙන්ඩි මත්ද්‍රව්‍ය දියර වශයෙන් පානය කළ හැකි බවත් ඊට අමතරව ශරීරයට එන්නත් කරගැනීමට හැකි බවත් පොලිසිය සඳහන් කළා.

රාත්‍රී සමාජශාලාවල මෙම මත්ද්‍රව්‍ය සඳහා විශේෂිත ඉල්ලුමක් පවතින අතර ඒ හේතුවෙන් ග්‍රෑම් එකක් රුපියල් 2000ක පමණ මුදලකට අලෙවි වන බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.