32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිධන් හෑරූ 06 දෙනෙක්ට වැඩ වරදී

නිධන් හෑරූ 06 දෙනෙක්ට වැඩ වරදී

හලාවත මුගුණුවටවන ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි 06 දෙනෙක් හලාවත මූලස්ථාන පොලිස් නිලධාරින් විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම පදිංචිකරුවන් තිදෙනෙකු හා හලාවත, හෙම්මාවතගම හා බිංගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. මෙම සැකකරුවන් පිළිබඳව මේ වන විට පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.

මුගුණුවටවන ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක මල්පහන් සුවද දුම්වලින් යහන් සකසා නිධන් හාරමින් ඇති බවට ලැබුණ තොරතුරක් මතයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.