27.8 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපලාලි සිට කොළඹ දක්වා ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

පලාලි සිට කොළඹ දක්වා ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා සිවිල් ගුවන්සේවා නුදුරේදීම ආරම්භ කිරීමට සූදානමක් පවතින බව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නට්රාජ් පවසනවා.

යාපනය දිස්ත්‍රික් කාන්තා දින සැමරුම් වැඩසටහනට එක්වු අවස්ථාවේදීයි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිවරයා මේ බව ප්‍රකාශ කළේ.

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිට කොළඹ දක්වා සිවිල් ගුවන්සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙරට රජය සාකච්ජා කර ඇති අතර අදාළ ගුවන් සේවා නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත බවද ඔහු එහිදී සඳහන් කළා.

ඉන්දීය රජයේ මූල්‍ය ආධාර හා මෙරට රජයේ මුල්‍ය පහසුකම් යටතේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදි කර තිබෙනවා. මෙරට රජයේ රුපියල් මිලියන 1950ක් හා ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාර ඊට අයත්.

රුපියල් මිලියන 2250ක වියදමක් යටතේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අදියර හතරක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සිවිල් ගුවන් ගමන් වෙනුවෙන් නිල වශයෙන් විවෘත කරනු ලැබුවේ 2019 ඔක්තෝම්බර් 17 වැනිදායි.

කොඩිඩ් සමයේ ගුවන් ගමන් නවතා තිබු පලාලි ගුවන් තොටුපොලේ සිවිල් ගුවන් ගමන් සේවා කටයුතු නැවත පසුගිය වසරේ ආරම්භ කරනු ලැබුවා.