― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාස්කු බෝම්බ මහ මොළකරුගේ බිරිඳට ඇප

පාස්කු බෝම්බ මහ මොළකරුගේ බිරිඳට ඇප

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාඩියා කල්මුණේ මහාධිකරණය විසින් කොන්දේසි සහිත ඇප මත නිදහස් කර තිබෙනවා.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වසර හතරක කාලයක් ඇය රිමාන්ඩ් භාරයේ පසු වුණා. 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් අනතුරුවයි හාඩියා අත්අඩංගුවට ගනු ලැබුවේ.

අප්‍රේල් මස 25 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සැඟව සිටි සහරාන් හෂීම්ගේ දෙමව්පියන්, සහෝදරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ආරක්ෂක අංශ සමග ඇතිවූ ගැටුමකින් පසුව තුවාල ලබා සිටියදී ෆාතිමා හාදියා සහ ඇයගේ දියණිය ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කෙරුණා.

පසුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.