29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල සැලකිය යුතු ලෙසට පහළ ගොස් තිබෙනවා.

මේ වන විට WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 67.90ක් ලෙසටයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ලෝක වෙළඳපොල ඇමරිකානු ඩොලර් 74.5ක් දක්වා පහත බැස තිබෙනවා. මෙලෙස ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල පහළ ගොස් ඇත්තේ වසර 1 හමාරකට පසුව වීම විශේෂත්වයක්.

බොරතෙල් මිල මේ වන විට අඛණ්ඩව තුන්වන දිනටත් පහත වැටීම සිදුවී ඇති අතර වර්ධන පුරෝකථනයන් අඩුවීම සහ සැපයුම ඉහළ යාම මෙම තත්වයට හේතුව ලෙසටයි සැලකෙන්නේ.