මෙරටින් නව හූනු විශේෂ දෙකක් සොයාගෙන තිබේ.
මෙම නව හූනු විශේෂ දෙක සොයාගෙන ඇත්තේ අම්පාර – ඇතාගල රක්ෂිතයෙන් සහ කුරුණෑගල – ගල්ගිරිය රක්ෂිතයෙනි.
මෙම නව හූනු විශේෂ දෙක සඳහා ‘ජයවීර’ හා ‘නානායක්කාර’ යනුවෙන් නම් තබා තිබේ.
පරිසරවේදීන් වන ශාන්තසිරි ජයවීර සහ ආනන්ද ලාල් නානායක්කාර විසින් මොවුන් සොයාගත් නිසා ඔවුන්ගේ නම්වලින් මෙම හූනු විශේෂ දෙක නම් කර තිබීම විශේෂත්වයකි.