31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessමෙරට ආර්ථික වර්ධන වේගය සියයට 7.8කින් හැකිලෙයි

මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 7.8කින් හැකිලෙයි

පෙබරවාරි මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා අංශවල පසුගාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පෙබරවාරි මාසයේදී නිෂ්පාදන ගැනුම් කළමනාකාර දර්ශකය 42.3ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය යන නිෂ්පාදන අංශයේ උපදර්ශක මෙන්ම නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් ඇතුළු සේවා අංශයේ උපදර්ශක කිහිපයකද පහළ යෑම් දක්නට ලැබෙන බවයි එහි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම පෙබරවාරියේ නිෂ්පාදන අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය 42.3ක් ලෙස සටහන් ව ඇති අතර සේවා අංශයේ එහි අගය 48.7ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර 2022 සිවු වැනි කාර්තුව සඳහා ආර්ථික වර්ධන වේගය සෘණ සියයට 12.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2022 සඳහා වාර්ෂිකව සියයට 7.8ක් ලෙසයි ඇස්තමේන්තු කර ඇත්තේ.