31.1 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොග්ගල පොහොර ගබඩාව හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේදී අද දහවල් මෝටර් රථය දුම්රියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටී ඇති අතර එය මීටර් 200ක් පමණ දුරකට ඇදී ගොස් නතරවී තිබෙනවා. තුවාලකරුවන් පිටතට ගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.