― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරජයේ ආයතන මහජන බැංකුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යයි ?

රජයේ ආයතන මහජන බැංකුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යයි ?

මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලුම සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ.

වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම  ගැටළු මතු වුවහොත් සිය ව්‍යාපාරික කටයුතු වලට බලපෑම් එල්ල විය හැකි බැවින් කණගාටුවෙන් වුවද තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇතැයි ව්‍යාපාරිකයන් මෙලෙස ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මහජන බැංකුවේ සේවකයන් ද ඊයේ (15) පැවැති වර්ජනයට එකතුවීම හේතුවෙන් සිය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීමෙන් ගැටළු රැසකට මුහුණදීමට සිදුවූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් ඇමති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇත.

රාජකාරි කටයුතු වෙනුවෙන් මහජන බැංකු වෙත ගිය සේවකයන්ට අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගැනීමට නොහැකි වීම නිසා වෙනත් විකල්ප මාර්ග සෙවීමට සිදුවීම නිසා සේවාදායකයින් අපහසුතාවයට පත්වූ බවත් රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාතයාංශයට පැහැදිලි කර දී තිබේ.

එම නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකමින් සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කොට වෙනත් බැංකු වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.

රජයේ සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (16) මුදල් අමාත්‍යාංශයේ දී අදාල බලධාරීන්ට දැනුම් දුන්නේය.