30 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිරිපාදේ යන බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක්

සිරිපාදේ යන බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක්

පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආහාර විෂවීමකින් බවට සැකකෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ වනවිට ආහාර විෂවීම් සහ බැක්ටීරියා ආසාදන යැයි හඳුනාගත් තවත් රෝගීන් 10 දෙනෙක්ද වාර්තා වී ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට නිරතවන සියලුම බැතිමතුන්ට සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර පිළිවෙත් අනුගමනය කරන ලෙසයි.

එමෙන්ම හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.