26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටා හා කුඩු සලිඳු දින 90ක් CID භාරයට

හරක් කටා හා කුඩු සලිඳු දින 90ක් CID භාරයට

පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) දිවයිනට ගෙන ආ ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තබා තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ට්ඨාසය පවසන්නේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගත් බවයි.

විදේශ රටවල සිට මත්ද්‍රව්‍ය ඇතුළු මෙරට පාතාල කටයුතු මෙහෙයවමින් සිටි මොවුන් දෙදෙනා ඇතුළු පිරිසක් පසුගිය පෙබරවාරි 12 වැනිදා පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හරක් කටා සහ කුඩු සළිඳුව මෙරටට රැගෙන ඒම සඳහා පසුගියදා සිව් දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් මැඩගස්කරය බලා පිටත්ව ගියේය.