25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකුරුණෑගල නාගරික මන්ත්‍රී වාර්තාවක් තබයි

කුරුණෑගල නාගරික මන්ත්‍රී වාර්තාවක් තබයි

කුරුණෑගල මහ නගර සභා ඉතිහාසයේ එක් දිනක කාලයක් පමණක් නාගරික මන්ත්‍රී ධූරය හෙබැවූ ප්‍රථම පුද්ගලයා බවට පත් වෙමින් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අබ්දුල් සත්තාර් මහතා විය. 

කුරුණෑගල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නාගරික මන්ත්‍රී ගාමිණී පෙරමුණගේ මහතා එම පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසුව හිස්වූ මන්ත්‍රීධූරය සඳහා පත් කරන ලද අබ්දුල් සත්තාර් මහතා අද ( 17) එම තනතුරේ දිවුරුම් දීමෙන් එම වාර්තාව පිහිටුවීය. 

හිටපු නගරාධිපතිවරයෙකුද වන ගාමිණී පෙරමුණගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හෙලිකොප්ටරය ලකුණ යටතේ ඉදිරිපත් වීම හේතුවෙන් ඔහු පොදුජන පෙරමුණු සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ.

මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන වල නිල කාලය අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් වන බැවින් අබ්දුල් සත්තාර් මහතාට නාගරික මන්ත්‍රී ධූරය දරන්නට වන්නේ දිනක් වැනි ඉතා කෙටි කාලයකි.