31 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජේ.ශ්‍රී රංගා අත්අඩංගුවට

ජේ.ශ්‍රී රංගා අත්අඩංගුවට

2011 වසරේ වවුනියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2011 වසරේදී ශ්‍රී රංගා මන්ත්‍රීවරයාගේ ලියාපදිංචි නොකළ වාහනයක් සෙට්ටිකුලම රෝහල අසලදී ගසක හැපීමෙන් මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂක අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු මිය ගියා.

අනතුර සිදුවන අවස්ථාවේ රථය පදවා ඇත්තේ මියගිය පොලිස් නිලධාරියා බවටයි හිටපු මන්ත්‍රීවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පැදවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා විසින් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.