29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබූරු මූණා අත්අඩංගුවට

බූරු මූණා අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය බූරු මූණා නම් සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 3 වනදා සැකකරු ඩුබායි රාජ්‍යයට පළා යාම සඳහා ගුවන්තොටුපල වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසිය වෙත භාරදී තිබියදී යි පළා ගොස් තිබුණේ.

හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයක වෙඩි කරුවකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර තිබූ බව සඳහන්.

මෙම පුද්ගලයට එරෙහිව සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.

බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසිනුයි එම තහනම පනවා තිබුණේ.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයක වෙඩි කරුවකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර තිබූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.

පසුගිය 24 වනදා සැකකරු විදේශගතවීමට පැමිණ සිටියදී කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට ගත් අතර සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පළා ගියා.