27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ලබාදෙන්නේ මුදල් දුන් පසුවයි – රජයේ මුද්‍රණාලාධිපතිනිය

මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ලබාදෙන්නේ මුදල් දුන් පසුවයි – රජයේ මුද්‍රණාලාධිපතිනිය

දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා මුදල් ලබාදෙන තුරු භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී ලියනගේ අද (17) මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නා.

දිස්ත්‍රික්ක 17කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව පැවසූ ඇය ඒවා ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරීක්ෂා කිරීම තවමත් අවසන්ව නොමැති බවයි සඳහන් කළේ.

මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 20ක්.

කෙසේ වෙතත් එම මුද්‍රණ කටයුතු වෙනුවෙන් දැනට ලැබී ඇත්තේ රුපියල් කෝටි 04ක පමණ මුදලක් පමණක් බවයි රජයේ මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ.