10.2 C
London
Friday, March 31, 2023

නවසීලන්ත පළමු ඉනිම 580න් අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 04ක් දැවී ලකුණු 580ක් ලබාගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලු 04ක් දැවී ලකුණු 580ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහි වැඩි දායකත්වයක් ලබාදුන් කෙන් විලියම්සන් ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර, පන්දු 296ක් තුළ ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 215ක්.

ඔහුට අනෙක් අත්නයේ සිට අනඟි සහයක් ලබාදුන් හෙන්රි නිකොල්ස් සිය ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය අද රැස් කළා.

ඒ සදහා ඔහු වැයකළ පන්දු සංඛ්‍යාව 240ක්.

විලියම්සන් සහ නිකොල්ස් එක්ව තුන්වන කඩුල්ලට ලකුණු 363ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී නවසීලන්ත පළමු ඉනිමේ කඩුලු 02ක් කසුන් රාජිත බිඳ හෙලූ අතර, ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මේ අතර නවසීලන්ත ඉනිමේ 90 වන පන්දු වාරයේ දී ආබාධයකට ලක්ව කසුන් රාජිතට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, පසුව ඔහු සුවය ලබා යළි පන්දු රැකීමට පිටියට පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.

වෙලින්ග්ටන් හිදී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.

Latest

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල...

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

පැතුම්ගෙන් අති විශිෂ්ඨ අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය 06 වන එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට අද (31) සමත් වුණා. නවසීලන්තය සමඟ හැමිල්ටන් හිදී මේ වනවිට...

රොෂාන් රණසිංහගෙන් ක්‍රිකට් කවුන්සිලයට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරීත්වයට එල්ල විය හැකි දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව සොයා බැලීමට සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවන බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන්...

වනිඳු හසරංග එක් ස්ථානයක් පහළට

ජාත්‍යන්තර T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here