10.2 C
London
Friday, March 31, 2023

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම තැනකට ගෙන තිබෙනවා

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ සඳහා වන වැඩපිළිවෙල අදාළ ආයතන තුළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව පවතින බව ද ඒ තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි ජියෝන් චං ( Julie Jiyoon Chung) මහත්මිය හමුවේ අමාත්‍යවරයා මේ බව කීය. ඇමෙරිකානු තානාපතිනිය ඊයේ (17) එම අමාත්‍යාංශයේදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා හමු වී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළාය.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගත වෙමින් තිබූ බවත් ඒ සඳහා ගතවන කාලය මේ වන විට අවම තත්ත්වයකට ගෙනවිත් ඇතැයිද අනුමැතීන් 18ට යොමු කළ මෙම ක්‍රියාවලිය අදාළ වෘත්තිකයන්ගේද අදහස් සමගින් මේවන විට අඩු කර ඇතැයිද මෙහිදී පැවසූ අමාත්‍යවරයා ගුණාත්මකභාවය , ගබඩා පහසුකම් ආශ්‍රිත සුරක්ෂිතභාවය ආදිය පිළිබඳ එහිදී වැඩි සැලකිල්ලක් දක්වන බවත් පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ආසන්න වසර පහේ අපගේ ඉල්ලුම හා එයට සරිලන සැපයුම මෙහිදී ඇණවුම් කරන ක්‍රියාවලිය තුළ අපි ගණනය කළා. ඖෂධවල ගුණාත්මක භාවයට හානි නොවන ලෙසත් ගබඩාකරණයේ දී සුරක්ෂිතභාවයට ගැටලු ඇති නොවන ලෙසත් මෙම ඇනවුම්කරණය කඩිනම් කිරීමට පියවර ගන්නවා.”

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ සැලකීමේදී පිළිකා ,හෘද රෝග හා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිවරිය හමුවේ මෙහිදී පැවසීය.

Latest

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක...

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල...

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු සහ...

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිත මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගැනුණා. කරඹගම් ප්‍රදේශයේ පදිංචි සිවසෝති සිවකුමාර් (43) නමැති දෙදරු පියෙකි. පසුගිය...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here