― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅලුත් අවුරුද්ද ඉවර වුණ ගමන් අර්ධ සුඛෝපභෝගි බස්වලට කරන්න යන දේ

අලුත් අවුරුද්ද ඉවර වුණ ගමන් අර්ධ සුඛෝපභෝගි බස්වලට කරන්න යන දේ

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු අවලංගු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ, සාමාන්‍ය ගාස්තු මත දිවෙන බස් රථවලත් අර්ධ සුඛෝපභෝගී බස් රථවලත් වෙනසක් නොමැති බව නිරීක්ෂණය වීම හේතුවෙන්.

මෙරට පොදු ප්‍රවාහන සේවා බස් රථ සාමාන්‍ය,අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභොගී යන ඛාණ්ඩ යටතේ ධාවනය වෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසන්නේ, අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා අය සාමාන්‍ය ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන අතර සුඛෝපභෝගී බස් රථ සඳහා අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක් අය කරන බවයි.

අර්ධ සුඛෝපභෝගී බස් රථවලට ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කරවීම අනිවාර්යය.

නමුත් අර්ධ සුඛෝපභෝගී කාණ්ඩ යටතේ ධාවනය වන ලංගම මෙන්ම පුද්ගලික බස් රථ වැඩිපුර ගාස්තුද අය කරමින් බස් රථයේ ආසන ගණනට දෙතුන් ගුණයකට වැඩියෙන් මගීන් ප්‍රවාහනය කරන බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවද යෝජනා කර ඇත්තේ මගීන්ට සෙතක් නොලැබෙන අර්ධ සුඛෝපභෝගී සේවාව අහෝසි කළ යුතු බවටයි.

මේ අතර දැනට අර්ධ සුඛෝපභෝගී ලෙස ධාවනය කරන බස් රථ වායු සමීකරණ බස් රථ ලෙසට හෝ සාමාන්‍ය සේවා වශයෙන් මාරු කරගන්නා ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව බස් සංගම්වලටද අවධාරණය කර තිබෙනවා.