― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsජාතික තරුණ සේවා සභාවේ (NYSC) නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්...

ජාතික තරුණ සේවා සභාවේ (NYSC) නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත් කෙරෙයි

ජාතික තරුණ සේවා සභාවේ (NYSC) නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්කර ඇත. පසිදු ගුණරත්න මහතාගේ නායකත්ව හැකියාවන් සහ තරුණයන් සවිබල ගැන්වීම සඳහා කැපවීම පිළිබඳව දැඩි විශ්වාසයක් පළ කරමින් යෞවන හා ක්‍රීඩා අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා ඊයේ (17) පත්වීම සිදුකොට ඇති බව වාර්තා වේ.

25 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු වන පසිඳු ගුණරත්න මේ වන විට ආර්ථික විද්‍යාව සම්බන්දයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධියක් මෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිය සම්බන්දයෙන් අධ්‍යාපනය හදාරයි සිටී.

කොළඹ රාජකීය විද්‍යාලයේ 2017 වසරේ උප ප්‍රධාන ශීෂ්‍ය නායකයා වශයෙන් නායකත්වය ලබාදුන් සාඩම්බර ආදි ශිෂ්‍යයෙකු වන ගුණරත්න මහතා ප්‍රජා සේවයට සහ තරුණ සංවර්ධනයට දක්වන කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්වූ වෙකි. ඔහු දැනට කොළඹ 07 සිංහ සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එහිදී ඔහු ප්‍රජාවගේ ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ.

ඔහු අද සිට NYSC හි නව සභාපතිවරයා ලෙස ගුණරත්න මහතා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ වර්ධනයට සහ සංවර්ධනයට සවිබල ගන්වන සහ අනුබල දෙන පරිසරයක් ඇති කිරීමට සහ අවස්ථා නිර්මාණය කිරීමේ මෙහෙවරට නායකත්වය දෙනු ඇති බවට වාර්තා වේ.

විශේෂයෙන්ම ආර්ථික අර්බුදය සහ සමාජ දේශපාලන පුනරුදය තුල, තරුණ තරුණියන්ගේ චින්තන සහ ශ්‍රම දායකත්වය රටට අත්‍යාවශ්‍ය මොහොතේ ඔවුන්ගේ හැකියාවන් පෝෂණය කරමින් ඔවුන් සාර්ථක අනාගතයක් කරා යොමු කරන නව්‍ය ව්‍යාපෘති සහ මුලපිරීම් ක්‍රියාත්මක කිරීමේදී ඔහුගේ නායකත්වය තීරණාත්මක සාධකය වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.