29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජීවිතයක් බිලිගත් බටගොඩ - නිව්ටල් වත්තේ සංගීතය

ජීවිතයක් බිලිගත් බටගොඩ – නිව්ටල් වත්තේ සංගීතය

බටගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී ඊයේ (17) රාත්‍රියේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

බටගොඩ, නිව්ටල් වත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අවසානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි අරුණ මංගල ජයවර්ධන නැමැති විවාහක පුද්ගලයෙක්.

දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් දෙදෙනෙක් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසු වූ හොරණ රෝහලට ඇතුළත් කළ තවත් අයෙක් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.