29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලිසියට අල්ලස් දී පළා යාමට උත්සාහ කළ අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

පොලිසියට අල්ලස් දී පළා යාමට උත්සාහ කළ අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

ගාලු මුවදොර ප්‍රදේශයේදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කුඩා ලොරි රථයක් සමගින් ඊයේ 17 රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ග බාධක රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරීන් කොල්ලුපිටිය දෙස සිට කොටුව දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා ලොරියක් පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අසුන අසල රෙදි බෑගයක් තුල මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් තිබී සොයා ගැණුනා.

රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා මාළු අලෙවි කරන බවටයි.

තවදුරටත් ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බියට පත්ව දුරකතනයෙන් තවත් පුද්ගලයෙකු සමග සම්බන්ධ වී ඇති අතර දුරකතනයෙන් ඇමතු පුද්ගලයා පොලිසයෙන් ඉල්ලා ඇත්තේ රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන රියදුරා මුදා හරින ලෙසටයි.

එහිදී කුඩා ලොරිය සහ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට රැගෙන විත් තිබෙනවා.

අනතුරුව ලොරියේ තිබූ මුදල් ගණනය කර ඇති අතර එහි රුපියල් 6,949,500ක් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව පොලිස් නිල සුනඛ අංශයේ පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන නිල සුනඛයෙකු ගෙන්වා ලොරිය පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අසුන යට තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මැන බැලීමේදී එහි හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 340ක් තිබී ඇති අතර සැකකරුගේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

29 හැවිරිදි සැකකරු කලුතර උතුරු ප්‍රදේශයේ අයෙක් වන අතර අහුන්ගල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොටුව පොලිසිය විමර්ශන මෙහෙයවනවා.