27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූරු මූණාව රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

බූරු මූණාව රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ (17) සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකි.

හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළකට ඇතුළුවී එහි සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් රැසක් සම්බන්ධයෙන් රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි.

ඔහු පොලීසිය මඟහැර සැඟව සිට පසුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටින් පළායාමට උත්සාහ කිරීමේදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණි.

නමුත් ඔහු ගුවන්තොටුපොළ පොලීසියෙන් ඉතා සූක්ෂම ලෙස පළායාමට සමත් වූ අතර ඔහු නැවත පොලීසිය මඟහරිමින් සැඟවී සිටියදී මෙලෙස ඊයේ අත්අඩංගුවට පත්වුණි.