27.8 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ මැතිවරණය තිබුණොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් - සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සමීක්ෂණයකින්...

මහ මැතිවරණය තිබුණොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් – සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සමීක්ෂණයකින් හෙළිවෙයි

2023 පෙබරවාරි මාසයට අදාළව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ගණනය කරන ලද මත විමසීම් අනුව මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය පැහැදිවම ඉදිරියෙන් පසුව බව ඔවුන්ගේ දත්ත සටහන්වලින් පෙනෙන්නට තිබෙනවා.

ඒ අනුව 43%ක් මාලිමාවට ලැබී ඇති අතර සමගි ජන බලවේගයට ඇත්තේ 30%කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය 4% බැගින් ලබාගෙන තිබේ.

මෙම ගණනය කිරීම් සඳහා පෙබරවාරිය තුළ සිදුකළ අහඹු සම්මුඛ පරීක්ෂණ 421ක් හා 2021 මාර්තු 31 සිට 2023 මාර්තු 12 දක්වා පැවැත්වූ මුළු සම්මුඛ පරීක්ෂණ 10050ක තොරතුරු අදාළ වෙයි.