26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමියගිය අයගේ ජාතික හැඳුනුම්පත් අංකවලට සිම් දීම තහනම්

මියගිය අයගේ ජාතික හැඳුනුම්පත් අංකවලට සිම් දීම තහනම්

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට දැනුම්දී තිබෙනවා.

මියගිය පුද්ගලයන්ගේ නම්, ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක සහ ඔවුන් භාවිත කළ දුරකථන අංකවල ලැයිස්තුවක් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම මාසයකට වරක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට ලබා ගන්නා බවයි විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා කියා සිටියේ.

යම් පුද්ගලයකු මියගිය පසු අදාළ ජංගම දුරකථන අංකය විසන්ධි කරන ලෙසත් ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකයට සිම්පත් නිකුත් කිරීම තහනම් බවට ජංගම දුරකථන සේවා සපයන සමාගම්වලට දැනුම් දී ඇති බවද ඇය සඳහන් කරනවා.