26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජ්‍ය සේවකයින් ගැන අගමැති කණගාටුවෙන්

රාජ්‍ය සේවකයින් ගැන අගමැති කණගාටුවෙන්

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ කටයුතු වලින් රාජ්‍ය සේවකයින් බැහැර වී සිටීම කණගාටුදායක තත්ත්වයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ (17) පැවති වැඩසටහනකට එක්වෙමින්.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මඟින් ලබාදී ඇති නිවැරදි නොවන සංඛ්‍යා ලේඛන හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන් ද ඇති විය හැකි බවයි අගමැතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර වැය ශීර්ෂය වැඩි වී ඇති තත්ත්වයක වුවද පසුගිය මාස 06ක කාලය තුළ රාජ්‍ය සේවයේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ අත්‍යවශ්‍ය සහනාධාර සඳහා ලබාදෙන මුදල් ලබාදීමට රජය කටයුතු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.