― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalලංකාවේ තරුණ පරම්පරාවට දේශපාලකයෝ විහිළුවක් වෙලා ඉවරයි - හිරුණිකා

ලංකාවේ තරුණ පරම්පරාවට දේශපාලකයෝ විහිළුවක් වෙලා ඉවරයි – හිරුණිකා

ලංකාවේ තරුණ පරපුර තවදුරටත් දේශපාලකයින්ට බය නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේග ජන හමුවකට එකතු වෙමිනි.

අරගලය නිසා රටට සිදු වූ එක හොඳ දෙයක් නම් මෙලෙස තරුණයින්ට හොඳ කශේරුකාවක් ලැබීම බවයි ඇය ප්‍රකාශ කළේ.

දැන් තරුණයින් දේශපාලකයින් සමාජ මාධ්‍ය ඔස්සේ විහිළුට ගෙන ඇති බවත් ඒවා ඉවසීමට දේශපාලකයින් හුරුවිය යුතු බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.