25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශීය දුම්වැටි 2000ක් සමඟ සැකකරුවෙකු ජා ඇල දී අත්අඩංගුවට

විදේශීය දුම්වැටි 2000ක් සමඟ සැකකරුවෙකු ජා ඇල දී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි 2000ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව, පොලිසිය සමග එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (17) ජාඇල ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව, ජා ඇල පොලිසිය සමග විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.

එහිදී, ජාඇල ඒකල මාර්ගයේ ගමන් කළ සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී, ඔහු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි විදේශීය දුම්වැටි 2000 ක් සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක් වන තරුණයෙකු බවට හඳුනා ගෙන ඇති අතර, ඔහු සහ විදේශීය දුම්වැටි 2000ක තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා ජා ඇල පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.